top of page

කව්‍යෙය් රන්සිළුව දිනයි



කැළණිය විශ්ව විද්‍යාලයේ මානව ශිෂ්‍ය සංගමය විසින් පවත්වන ලද පද්‍ය තරගාවලියෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට රෙවෝ ඇඩ්වර්ටයිසින් කණ්ඩායමේ Client Service - Trainee ලෙස සේවය කරන රන්සිළු ධනංජනට හැකියාව ලැබී තිබෙන බව සතුටින් දැනුම් දෙමු. Client Service අංශයේ සේවය කළද Computer Science & Statistics ඔස්සේ අධ්‍යාපනය හැදෑරුවද ඔහුගේ නිර්මාණශිලී හැකියාවන්ද බොහෝමයක් ඇති අතර එය රෙවෝ ඇඩ්වර්ටයිසින් නිර්මාණ කටයුතු සදහාද යොදා ගැනීමට බලාපොරොත්තුවේ. ඔහුගේ මම ජයග්‍රහණයට ආයතන කළමනාකාරීත්වයේ සුබ පැතුම්ද මෙසේ එක් කරමු!


ඔහු ජයග්‍රහණය කළ නිර්මාණය පහතින් -


කාර් එකෙ වන්දනාව..!


අරන් එද්දි කාර් එකෙ-මට හිතුනෙම බෙහෙත් ගන්න

ඒත් මොකද මගෙ පැටවුන් -මේ මහ රෑ එක්ක එන්න

මගින් දාලා යද්දි අපිව මට -හිතුනෙම නෑ මේ බව

උදේ වෙද්දි මම දැක්කෙ -අපි හිටියෙ පන්සල ලග


දමල ගහපු ගල් කොහෙන්ද පන්සලෙන්ද අහුල ගත්තෙ

ව්සික් කරපු පොලු කොහෙන්ද පන්සලෙන්ද අහුල ගත්තෙ

සුදු ඇදගත් මහත්වරුනි පන්සලෙන්ද කියලා දුන්නෙ

පච්ච ගහපු කලු මිනිහෙක් මට හවසත් කන්න දුන්නෙ


සුභාශිතය මට දෙනවද ගහනා ගල් නවත්වන්න

උතුරු සලුව මට දෙනවද කැඩුණු කකුල ඔතාගන්න

විසික්කරනා දානෙ නැත්ද අපෙ බඩකට පුරවගන්න

සිල්පද පහ මතක නැද්ද එපා අපිට ගල්ගහන්න


මගේ පැටව් මග මැරෙද්දි මේ පපුවට දුකක් නැතිද

පණ අදිනා අනික් පැටියා බේරගන්නෙ මම කොහොමද

පටාචාර මට පුදුමයි දරාගත්තෙ උබ කොහොමද

බුදුසමිදුනි හැකිනම් මට දරාගන්න කියලාදෙන්න .!!


✍️ Ransilu dhananjana

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
Featured Posts
Recent Posts
Search By Tags
Follow Us
  • Facebook Classic
  • Twitter Classic
  • Google Classic
bottom of page